Wesmuhuna

නියමයන් හා කොන්දේසි

අවසන් වරට යාවත්කාල කිරීම:

2021-03-02

සැ: යු: මෙම නියමයන් හා කොන්දේසි අපගේ තනි කැමැත්ත මත ඕනෑම අවස්ථාවක වෙනස් වීමට ඉඩ ඇත. අපගේ නියමයන් හා කොන්දේසි සම්බන්ධව යම් වෙනසක් සිදු වූ විට මෙම වෙබ් අඩවියේ එය සටහන් කරන අතර එසේ අවසන් වරට යාවත්කාල කරනු ලැබූ දිනය මෙම වෙබ් පිටුවේ ඉහලින්ම “අවසන් වරට යාවත්කාල කිරීම:” ලෙස සඳහන් කරනු ඇත.

යාවත්කාල කරනු ලැබූ සියලුම නියමයන් හා කොන්දේසි නව පරිශීලකයින්ට ක්ෂණිකවම අදාළ වන අතර දැනට “වෙස් මුහුණ” යෙදවුම භාවිත කරමින් සිටින පරිශීලකයින්ට ඒවා අදාළ වන්නේ දින 30 කින් පසුවය. යම් ලෙසකින් ඔබ අපගේ භාවිතයට අදාළ නියමයන් හා කොන්දේසි වලට ඔබ එකග නොවන්නේ නම් වහාම “වෙස් මුහුණ” යෙදවුමේ සේවාවන් ලබා ගැනීම නවතා දැමිය යුතු අතර එසේ තිබියදීත් තව දුරටත් ඔබ “වෙස් මුහුණ” යෙදවුමේ සේවාවන් ලබා ගන්නේ නම්, ඔබ නියමයන් හා කොන්දේසි වලට එකඟ වුවා සේ සැළකෙනු ඇත.

1. භාවිතයට සුදුසුකම (Eligibility):

“වෙස් මුහුණ” යෙදවුම භාවිතා කිරීම සඳහා ඔබ අවුරුදු 18 ට වඩා වැඩි විය යුතුය. ඔබ එම වයස් සීමාවට වඩා අඩු නම්, ඔබ “වෙස් මුහුණ” යෙදවුමේ සේවාවන් ලබා ගත යුත්තේ අපගේ භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසි වලට එකඟ වූ ඔබගේ දෙමව්පියන්ගේ හෝ නීත්‍යනුකුල භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ විය යුතුය.

2. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy):

අප විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා අකාරය හා ඒවා භාවිතා කරන ආකාරය දන ගැනීම සඳහා අපගේ Privacy Policy පිටුවට පිවිසෙන්න.

3. පරිශීලක අන්තර්ගතය (User Content):

ඔබ විසින් “වෙස් මුහුණ” යෙදවුමට ආදානය කරනු ලබන ඡායාරූප හා ඔබගේ පෞද්ගලික තොරතුරු “පරිශීලක අන්තර්ගතය” යටතේ ආවරණය වේ. ඔබගේ පරිශීලක අන්තර්ගතයන්හි අයිතිය ඔබ සතු විය යුතු අතර ඔබට නිත්‍යානුකුල හිමිකමක් නොමැති කිසිදු ඡායාරූපයක් හෝ පෞද්ගලික තොරතුරක් “වෙස් මුහුණ” යෙදවුමට ආදානය කිරීමට ඔබට අවසරයක් නොමැති අතර එසේ කිරීමෙන් ඇති විය හැකි ඕනෑම නිතිය ගැටළුවක් සම්බන්ධයෙන් අපගේ බැඳීමක් නොමැති අතර එහි පුර්ණ හිමිකම ඔබ සතු වේ. එබැවින් ඔබට අවසරයක් නොමැති කිසිදු ඡායාරූපයක් “වෙස් මුහුණ” යෙදවුම වෙත ලබා දීම නොකළ යුතුය.

4. ප්‍රකාශණ හිමිකම (Copy Rights):

අපගේ සේවාවන් හා අන්තර්ගත ලේඛන, තොරතුරු, සාහිත්‍යමය අංගයන්, ශබ්ද ගොනු (Audio files) හී පුර්ණ හිමිකම අප සතු වන අතර ඒවා සියල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා අනෙකුත් සියලුම ජාත්‍යන්තර ප්‍රකාශණ හිමිකම් නීතීන් යටතේ ආවරණය වේ.

“වෙස් මුහුණ” යෙදවුමේ භාවිතා වන ප්‍රකාශන හිමිකම් නීතියට යටත් අපගේ අන්තර්ගතයන් සියල්ලම ඔබගේ පෞද්ගලික භාවිතයට පමණක් සීමා වන අතර වෙනත් වානිජමය කටයුත්තක් සඳහා ඒවා යොදා ගැනීමට කිසිදු නීතිමය අවසරයක් ඔබට නැත.

“වෙස් මුහුණ” යෙදවුම හරහා ලබා ගන්නා ප්‍රතිදාන වල තිර අනුරූ (Screenshots) ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පමණක් ප්‍රදර්ශනය කිරීමට අවසර ඇති අතර ඔබ හැර වෙනත් අයෙකුගේ ඡායාරූප හා තොරතුරු භාවිතයෙන් ලබා ගන්නා තිර අනුරූ (Screenshots) කිසිදු විටෙක සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ඔබට අවසර නැත.

5. වගකීමේ සීමාවන් (Limitation of Liability):

“වෙස් මුහුණ” යෙදවුමට අදාළ “භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසිවලට” පටහැනිව සිදු කරනු ලබන කිසිදු භාවිතාවක් සඳහා අප කිසිදු වගකීමක් දරනු නොලැබේ.

“වෙස් මුහුණ” යෙදවුම විනෝදය සඳහා පමණක් භාවිතා කළ යුතු අතර එසේම භාවිතය ඔබගේ පෞද්ගලික කැමැත්ත මත පමණක් සිදු විය යුතුය. භාවිතය නිසා සිදු විය හැකි කිසිදු ආකාරයක ගැටළු සහගත හෝ අහිතකර තත්වයක් සම්බධයෙන් වග කීමට අප බැඳී නැත.

“වෙස් මුහුණ” යෙදවුමේ සේවාවන් සක්‍රිය කර ගැනීම හා සේවා ගාස්තු අය කර ගැනීම සඳහා ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම්, තුන්වන පාර්ශ්වීය ජංගම සේවා සපයන්නන් හා ගාස්තු අය කරන්නන් ලෙස පමණක් කටයුතු කරන අතර “වෙස් මුහුණ” යෙදවුමේ අන්තර්ගතයන් හා “වෙස් මුහුණ” යෙදවුම අයථා භාවිතාව නිසා ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධව ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම් කිසිදු ආකාරයක නෛතික වගකීමක් නොදරන්නේය.