වෙස් මුහුණට ෆොටෝ ලබා දීම ආරක්ෂාකාරීද?

ඔව්. 100% ක් ම ආරක්ෂිතයි. ඔබගේ ෆොටෝ, අදාළ ප්‍රතිපල ලබා දුන් විගසම අපගේ පද්ධතියෙන් මකා දමනු ලැබේ. වැඩි විස්තර අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිටුවේ සවිස්තරාත්මකව දක්වා ඇත.

වෙස් මුහුණ භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍යද?

ඔව්. වෙස් මුහුණට අදාළ සියලුම සැකසුම් කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය තුල ස්ථාපනය කර ඇති අපගේ Cloud අවකාශය තුල බැවින් මෙම යෙදවුමට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබගේ දුරකතනයේ Data On කර තිබිය යුතුය.

සමහර අවස්ථා වල වෙස් මුහුණ App එකේ ප්‍රතිපල ලැබීමට විශාල වෙලාවක් ගත වේ. ඊට හේතුව කුමක්ද?

සාමාන්‍යයෙන් තත්පර කිහිපයක් තුල ප්‍රතිපල ඔබගේ තිරය මත ප්‍රදර්ශනය වේ. එහෙත් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නම් ඒ සඳහා වැඩි වෙලාවක් ගත විය හැකිය.

මාගේ දුරකතනයේ අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රියව තිබුනත් අන්තර්ජාලයට ප්‍රවේශ විය නොහැකි යැයි වෙස් මුහුණ app එක පවසයි. එයට හේතුව කුමක්ද?

මෙම තත්වයට හේතු කිහිපයක් මුල් විය හැකිය.

පළමු හේතුව:

ඔබගේ ජංගම දුරකතනයේ දිනය හා වේලාව වැරදියට පැවතීම. කරුණාකර එය නිවැරදිව තිබේ දැයි පරීක්ෂාකර බලා වැරදි නම් දිනය හා වේලාව නිවැරදි කර වෙස් මුහුණ යෙදවුම නැවත ක්‍රියාත්මක කර බලන්න.

දෙවන හේතුව:

අපගේ Cloud අවකාශය තුල සිදු කරන විවිධ නඩත්තු කටයුතු හේතුවෙන්ද මේ තත්වය උදා විය හැකිය. නැවත සුළු වෙලාවකින් වෙස් මුහුණ යෙදවුම ක්‍රියාත්මක කර බලන්න.

වෙස් මුහුණ App එකට ෆොටෝ ලබා දෙන සමහර අවස්ථාවල කැමරාව හිර වේ. එසේ වන්නේ ඇයි?

කැමරාව ක්‍රියාත්මක වූ පසු ඔබේ ජංගම දුරකථනය එහා මෙහා චලනය කිරීමෙන් මේ තත්වය උදා වේ. එසේ කිරීමෙන් වලකින්න.

සමහර අංග ක්‍රියාත්මක කරන විට “දෛනිකව අවසර දී ඇති ප්‍රමාණය ඉක්මවා ඇත.” යනුවෙන් පණිවුඩයක් තිරය මත ප්‍රදර්ශනය වීමට හේතුව කුමක්ද?

එක් අංගයක් සඳහා දිනකට ප්‍රවේශ විය හැකි උපරිම වාර ගණනක් අප විසින් ලබා දී ඇත. එම වාර ගණන අවසන් වූ විට මෙම පණිවුඩය ලැබේ. කෙසේ වුවත් අනිකුත් අංග වලට අදාළ ප්‍රවේශ සීමාව ඔබ ඉක්මවා නැත්නම් එම අංගයන්ට ප්‍රවේශ වීමට ඔබට තව දුරටත් හැකියාව ඇත.

සාමාන්‍යයෙන් එක් අංගයක් වෙත දිනකට ප්‍රවේශ විය හැකි උපරිම වාර ගණන 5 කි. කෙසේ නමුත් මේ සීමාව ඊට වඩා වැඩි වන අවස්ථාද තිබිය හැකිය. අපගේ Cloud අවකාශයන් තුල ඇති විය හැකි අනවශ්‍ය තදබදයන් අවම කිරීම සඳහා මෙවැනි සීමාවක් පනවා ඇත.

ලියාපදිංචි වන විට, මාගේ දුරකථන අංකය ඇතුල් කළ විට එය වැරදි යැයි පවසයි. එසේ වන්නේ ඇයි?

දැනට වෙස් මුහුණ යෙදවුම සමග ලියාපදිංචි විය හැක්කේ ඩයලොග්, එයාර්ටෙල්, හච් (072/078) දුරකථන අංක වලින් පමණි. වෙනත් දුරකථන අංක ඇතුල් කළ විට එය වැරදි බව ප්‍රකාශ කරන්නේ ඒ නිසාය.

වෙස් මුහුණ App එක වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?

ඔව්. දිනකට රුපියල් පහක් සහ ඊට අදාළ බදු මුදල් අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ. යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. එවිට තාවකාලිකව වෙස් මුහුණ යෙදවුමට ප්‍රවේශ වීමට ඔබට නොහැකි වන අතර අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත වෙස් මුහුණ යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.

අපගේ Cloud අවකාශයන් සඳහා වැය වන වියදම, දෛනික නඩත්තු කටයුතු වෙනුවෙන් දරන්නා වූ වියදම් හා සංවර්ධනය කිරීම වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් පියවා ගැනීම සඳහා මෙම සුළු මුදල ඔබෙන් අය කර ගන්නා බව කරුණාවෙන් සලකන්න.

ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?

ඔබ කැමති ඕනෑම වේලාවක වෙස් මුහුණ සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා ඔබ ලියාපදිංචි වූ දුරකතනයෙන් UNREG wesm ලෙසට සටහන් කර 77112 වෙතට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.

වෙස් මුහුණ App එක භාවිතයට අදාළ කොන්දේසි මොනවාද?

කරුණාකර අපගේ නියමයන් හා කොන්දේසි පිටුව පරිශීලනය කරන්න.

වෙස් මුහුණ App එකට ෆොටෝ ලබා දීමේදී අනුගමනය කල යුතු උපදෙස් මොනවාද?

  1. සෑම විටම, ආලෝකයට හොඳින් නිරාවරණය වූ ඉහල පැහැදිලිතාවයකින් යුතු ෆොටෝ ලබා දෙන්න.
  2. තනි මිනිස් මුහුණක් සහිත ෆොටෝ පමණක් ලබා දෙන්න. ෆොටෝ එකේ කිහිප දෙනෙකු ඇත්නම් Cropper අවස්ථාවේදී අවශ්‍ය මුහුණ පමණක් Crop කරන්න.
  3. වෙස් මුහුණ යෙදවුම සකසා ඇත්තේ මිනිස් මුහුණු හඳුනා ගෙන අවශ්‍ය ප්‍රතිපල ලබා දීම සඳහාය. ඒ නිසා මිනිස් මුහුණු නොමැති, සතුන්ගේ හෝ වෙනයම් දර්ශන සහිත ෆොටෝ ලබා නොදෙන්න.
  4. වෙස් මුහුණ යෙදවුමට ලබා දිය හැකි ෆොටෝ එකක උපරිම ධාරිතාවය මෙගා බයිට 5 ක් (5 MB) වේ. සෑම විටම ඊට අඩු ධාරිතාවයෙන් යුක්ත ෆොටෝ ලබා දෙන්න.

ඉහත 1, 2, 3, 4 අවස්ථාවලදී අදාළ තත්වයන් අනාවරණය කර ගැනීමේ හැකියාව වෙස් මුහුණ යෙදවුමට ඇත. එවන් අවස්ථාවල ඒ බව දන්වා තිරයේ පණිවුඩයක් දිස් වනු ඇත.

මාස්ක් දමා ෆොටෝ ලබා දෙන විට ඇතැම් අවස්ථාවල කණ්ණාඩි පැළඳ නොසිටියත් කණ්ණාඩි දමා ඇතැයි පවසයි. එසේ වන්නේ ඇයි ?

මාස්ක් පැළඳ ෆොටෝ ගන්නා විට, ඇතැම් කැමරා, හොඳින් කැපී පෙනෙන මාස්ක් එකට නාභිගත වීම නිසා ඇස් අවට ප්‍රදේශය අඳුරු ස්වභාවයක් ගනී. ෆොටෝ එකේ ඇස් අවට ප්‍රදේශය අඳුරුව පැවතියහොත් එය අව් කණ්ණාඩි හෝ සාමාන්‍ය කණ්ණාඩියක් ලෙසට අපගේ ඇල්ගොරිතමය තේරුම් ගනී. මේ තත්වය නැති කර ගැනීමට මාස්ක් පැළඳ ෆොටෝ ලබා දෙන විට මුහුණට ඉතාමත් හොදින් ආලෝකය ලැබෙන ලෙසට සිට ෆොටෝ ගන්න.

වෙස් මුහුණ App එකේ ෆොටෝ වල ස්වභාවයන්, ඉරියව්, චිත්තවේගයන් හඳුනා ගැනීමේ නිරවද්‍යතාවය කෙසේද?

ඉතාමත් ඉහල ගුණත්වයකින් යුතු ෆොටෝ එකක ලක්ෂණ සංජානනය කිරීමේ හැකියාව 99.9% කි. එහෙත් විශේෂ අවස්ථාවල මේ අගය අඩු විය හැකිය.

“මම ලස්සනද?” මොඩියුලයේදී මාගේ ෆොටෝ එකට ලබා දෙන රුපලාවන්‍ය අගය විටින් විට වෙනස් වන්නේ ඇයි?

“මම ලස්සනද?” මොඩියුලයේ රුපලාවන්‍ය අගය ගණනය කරනුයේ, ඔබේ මුහුණේ විවිධ ස්ථාන අතර පවත්නා දුර ප්‍රමාණයන් ගණනය කර එය ස්වර්ණමය මුහුණු අනුපාතය (Golden Face Ratio) හා සංසන්දනය කිරීමෙනි.

ඔබ ලබා දෙන ෆොටෝ එකේ පැහැදිලිතාවය, පෙනී සිටින ඉරියව්වේ කෝණය වැනි සාධක මත එම අගය වෙනස් විය හැකිය. එසේම සෑම විටම කැමරාව දෙස ඍජුව බලා සිටින්න. මුහුණ පුරා රැවුල තිබෙන පිරිමින්ගේ මුහුණේ සැබෑ ස්ථාන නිවැරදිව සොයා ගැනීමට ඇති අපහසුව නිසාද මේ තත්ත්වය ඇති විය හැකිය.

වෙස් මුහුණ App එක භාවිතයට අදාළ ගැටළුවක් ඇති වුවහොත් එය විසදා ගන්නේ කෙසේද?

ඔබගේ ගැටලුව සවිස්තරාත්මකව සටහන් කොට rivilogy@gmail.com වෙත ඊ මේල් පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සපයනු ඇත.