Wesmuhuna

පෞද්ගලික ප්‍රතිපත්තිය

අවසන් වරට යාවත්කාල කළ දිනය:

2021-03-02

වෙස් මුහුණ යනු ඔබ විසින් ලබා දෙන ඡායාරූප විශ්ලේෂණය කොට විවිධ තොරතුරු නිකුත් කරනු ලබන විනෝදාත්මක සිංහල ජංගම දුරකථන යෙදවුමකි.

ඔබ විසින් ලබා දෙන ඡායාරූප ගබඩා කිරීමට හා විශ්ලේෂණය කිරීමේ ඇල්ගොරිතමය සක්‍රිය කිරීම සඳහා තෙවන පාර්ශවීය Cloud සේවා සපයන්නන්ගේ සේවාව අප විසින් වෙස් මුහුණ යෙදවුම සඳහා යොදා ගනු ලබයි. ඇමෙරිකානු සේවා සපයන්නන් වන Hostgator හා Amazon වෙබ් සේවා ජාලය අපගේ තෙවන පාර්ශවීය Cloud සේවා සපයන්නන් ලෙස ක්‍රියා කරයි.

ඔබ විසින් ලබා දෙනු ලබන ඡායාරූප (ඔබගේ දුරකථනයේ කැමරාව හෝ ඡායාරූප ගැලරිය මගින්) පමණක් අපගේ Cloud අවකාශ වෙත උඩුගත (Upload) කරනු ලැබේ. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) පදනම් වූ අපගේ ඡායාරූප විශ්ලේෂණය කරනු ලබන ඇල්ගොරිතමය ක්‍රියාත්මක වන අතර තුර උඩුගත (Upload) කරනු ලැබූ ඡායාරූප වල තාවකාලික අනුරුවක් (Cache copy) අපගේ Cloud අවකාශය තුල ගබඩා කර ගනු ලබන අතර අදාළ විශ්ලේෂණය සිදු කොට ඊට අදාළ වන්නාවූ ප්‍රතිපලය “වෙස් මුහුණ” යෙදවුම ඔස්සේ ඔබගේ ජංගම දුරකථන තිරය මත ප්‍රදර්ශනය කල පසු උඩුගත කරනු ලැබූ ඡායාරූපය අපගේ Cloud අවකාශයෙන් මකා දමනු ලැබේ.

ඔබ විසින් “වෙස් මුහුණ” යෙදවුම වෙත ලබා දෙන ඡායාරූප, යෙදවුමේ ඇල්ගොරිතමය ක්‍රියාත්මක කොට නියමිත ප්‍රතිපලය ලබා දීම සඳහා පමණක් යොදා ගන්නා අතර ඒ හැර වෙනත් කිසිදු ඍජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකමක අදානයක් (Input) ලෙස හෝ අන් අරමුණක් සඳහා හෝ යොදා ගනු නොලැබේ.

ඔබගේ ජංගම දුරකතනයේ කැමරාවට හා එහි ගබඩා කර ඇති ඡායාරූප සමුහය (Photo Gallery) වෙත ප්‍රවේශවීම සඳහා ඔබගේ අවසරය ලබා දිය යුතු අතර එම අවසරය මත ඔබ විසින් නිර්දේශ කරනු ලබන ඡායාරූප පමණක් යෙදවුමේ සේවාවන් ලබා දීම සඳහා උඩුගත (Upload) කරනු ලැබේ. ඒ හැර ඔබගේ ජංගම දුරකතනයේ ගබඩා කර ඇති වෙනත් කිසිදු ඡායාරූපයක් හෝ ඡායාරූප සමුහයක් වෙත වෙත ප්‍රවේශ වීම හෝ ඒවායේ අනුරු පිටපත් අපගේ Cloud අවකාශයන් වෙත උඩුගත (Upload) කිරීම හෝ ඒවායේ වෙනස්කම් කිරීම හෝ මකා දැමීමක් හෝ සිදු නොකෙරේ.

“වෙස් මුහුණ” යෙදවුමේ සේවාවන් ලබා දීම සඳහා ඡායාරූපයන්ට අමතරව ඇතැම් අවස්ථාවල ඔබගේ නම, උපන් දිනය ආදී පෞද්ගලික තොරතුර ලබා දීම අවශ්‍ය වේ. එසේ ඔබ ලබා දෙන පෞද්ගලික තොරතුරු, “වෙස් මුහුණ” යෙදවුමේ ඇල්ගොරිතමය ක්‍රියාත්මක කිරීමේ මුලික පරමාර්ථයෙන් පමණක් යොදා ගන්නා අතර ඒවා කිසිදු අවස්ථාවක තුන්වන පාර්ශවයන් වෙත ලබා දීමක් සිදු නොකෙරේ. එසේම එම තොරතුරු සියල්ල “වෙස් මුහුණ” යෙදවුමේ ඇල්ගොරිතමය ක්‍රියාත්මක කොට නියමිත ප්‍රතිදානය ලබා දුන් පසු අපගේ Cloud අවකාශයෙන් මකා දමන අතර කිසිදු හේතුවක් නිසාවත් ඔබගේ පෞද්ගලික තොරතුරු අපගේ Cloud අවකාශයන් තුල දිගුකාලීනව ගබඩා කර තබා ගැනීමක් සිදු නොකෙරේ.

“වෙස් මුහුණ” යෙදවුමේ සේවාවන් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දීම අවශ්‍ය වේ. ලියාපදිංචිය සඳහා ඔබ ලබා දෙන ඔබගේ ජංගම දුරකථන අංකය, යෙදවුමේ ලියාපදිංචිය තහවුරු කිරීමේ පරමාර්ථය සඳහා පමණක් යොදා ගන්නා අතර ඒවා වෙනත් බාහිර පාර්ශවයන්ට ලබා දීම හෝ වෙනත් අවශේෂ අරමුණක් වෙනුවෙන් යොදා ගැනීම හෝ කිසිදු විටෙක සිදු නොවේ.

ඔබ “වෙස් මුහුණ” යෙදවුමට ප්‍රවේශ වන ඔබගේ දුරකතනයේ විස්තර, අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනය (IP Address) හා ඔබ විසින් ලබා ගන්නා සේවාවන් හා යෙදවුම තුලදී ඔබ සිදු කරන සියලුම මෙහෙයුම් කටයුතු සියල්ල අප විසින් අපගේ Cloud අවකාශයන් තුල දිගුකාලීනව ගබඩා කර තබා ගන්නා අතර එම තොරතුරු සියල්ල “වෙස් මුහුණ” යෙදවුමේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට, සිදු විය හැකි වංචා සහ අයථා භාවිතයන් හඳුනා ගැනීමට හා ඒවා පාලනය කිරීමට යොදා ගනු ලැබේ.

“වෙස් මුහුණ” යෙදවුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා අනෙකුත් ජාත්‍යන්තර නීති රීතීන්ට යටත්ව ක්‍රියාත්මක වන අතර නිත්‍යානුකුල අවශ්‍යතා ඉටු කිරීම සඳහා නිත්‍යානුකුල ආකාරයෙන් සිදු කරනු ලබන විමර්ශනයන්හිදී අදාළ නිත්‍යානුකුල ආයතන වෙත ඔබගේ තොරතුරු ලබා දීමට අප බැඳී සිටි.

ඔබ විසින් “වෙස් මුහුණ” යෙදවුම සඳහා ලබා දෙන පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව උපරිමව සුරක්ෂිත කිරීම සඳහා අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරන නමුත් ඔබගේ දුරකතනයේ පවතින අනාරක්ෂිත යෙදීම් හා සැකසුම් වින්‍යාසයන් නිසා අපගේ ආරක්‍ෂිත ක්‍රමවේදයන් අභිබවා ගොස් යම් යම් අනාරක්ෂිත තත්වයන් ඇති විය හැකි බැවින් ඔබගේ ජංගම දුරකතනයේ සැකසුම් (Settings) ඉතා ඉහල ආරක්ෂාවක් ලැබෙන ලෙසට වින්‍යාස කර ගැනීම ඉතා වැදගත් වේ.